Monday, September 8, 2014

Trip To නුවරඑළිය


පි මේ ටුවර් එක ගියේ ටික දවසකට කලින් ඒත් මේ ගැන ලියන්න හිතුනා.මොකද මමත් ගොඩක් සැරයක් නුවරඑළියේ ගියත් මේ පාර වගේ ෆන් එකක්නම් ගත්තේ නෑ ලොවෙත්.ට්‍රිපක් යනවා කිව්වහම සෙට් එක දහයක පහලවක් ඉන්නවනේ..ඒත් අපේ ඉන්නේ අපි තුන්දෙනයි..මම කෝසල,ප්‍රසංග....ප්‍රසංග කියන්නේ ඉන්න තැන පාළුවක් නැති සුපිරි බුලට් එකක්.,සින්ග් කරන්න වගේම,බොරු කියන්න,කතා කියන්න මරු ඩයල් එක.අපි නතර වෙන්න සෙට් කරගන තිබුනේ වැලිමඩ අපේ යාලුවෙකුගේ ගෙදරක්.ඒ වෙද්දී යාළුවා කොළබ ඇවිත් නිසා ගෙදර හිටියේ අම්මා විතරයි..ඒ වැඩේ සෙට් කලේ මම...යාළුවා නැතුව උන්ගේ ගෙදර නතර වෙන එක පොඩි අවුල් සීන් එකක් උනත් තිබුන බජට් එකේ හැටියට ඒක කරන්නම උනා.ඔන්න අපි ටුවර් ඒක පටන් ගත්තා,...එදා සිකුරාදා දවසක්....

මමයි කෝසලයි උදේම නැගිටලා ඇදුම් බෑග් අරවා මේවා දාගන ටවුන් එකට එද්දී ප්‍රසංගයා ඇවිත් හිටියා..ඔන්න දෙය්යියනේ කියලා නුවරඑළිය බලා ධාවනය වෙනවා අපේ රථය..අවිස්සාවේල්ල,රත්නපුර,බලන්ගොඩ,හපුතලේ,දියතලාව,බණ්ඩාරවෙල,වැලිමඩ හරහා නුවරඑළිය ඔන්න ඕකයි අපේ ගමන් මග.ආ..කියන්න අමතක උනා අපි මේ ගමන ගියේ ටාටා මොන්ටෙරෝ එකක.කියලා වැඩක් නෑ සුපිරි සැප කෝටි ගානක වෙහිකල් එකක ගියත් එහෙම සැපක්නම් ගන්න බෑ.

උදේ 11.00 ට විතර අවිස්සාවේල්ල හරියෙන් උදේ කෑම ගත්ත අපි තිබුන බෝරිං ගතිය යවන්න රත්නපුරෙන් වැට් නයින් බෝතල තුනකුයි ස්පෙෂල් බියර් කෑන් තුනකුයි ගත්තා.ඔන්න අපි තුන්දෙනා ඩ්‍රයිව් කරන ගමන් බියර් බොනවා..පොලිසියෙන් ඇල්ලුවොත් ලැබෙන ආතල් එක ගැන කතා කර කරම.


හපුතලේ හරියේ නිදහස් තැනක නතර වෙලා පොඩි ප්‍ලෑන් එකක් ගැහුවා මොකද කරන්නේ කියන එක ගැන.ඉන්න දවස් ටිකට ඇති වෙන්න බඩු ටිකක් ගෙනිහින් ගෙදරට දාමු කියලා කතා වෙලා අපි ආවා බණ්ඩාරවෙල ෆුඩ්සිටි එකට.ෆුඩ් සිටි එකෙන් බඩු ටික අරගන වැලිමඩ යාළුවගේ ගෙදරට එද්දී හවස 4 ට විතර ඇති.


ආපු වෙලේ ඉදන් උනේ චාටර්ම සීන් ටිකක්..යාළුවගේ අම්මා අපිට එච්චර හිත හොද ගතියක් පෙන්නුවේ නෑ.මටත් ෆට්ට අවුල් මුන් දෙන්නව මෙහෙ එක්කන් ඇවිල්ලා ගෙදර මිනිස්සු තරහ කාරයෝ වගේ ඉන්දදී විලි ලැජ්ජයි නේ.ඔහොම ඉන්න ගමන් ආන්ටි තේ එකක් හදලා දුන්නා..ඒක බිලා ගෙනාපු බඩු සේරම ගෙට දාල රෑට කන්න මොනවා හරි හදාගන්න ලෑස්ති උනා අපි.දවල්ටත් නොකා ඉදපු නිසා මාර බඩගින්නක් තිබුනේ ඒ වෙලාවේ...චිකන් එකක් හදලා පරිප්පු හදලා බත් රෑ කෑම හදන්න ලෑස්ති උනා අපි.ගේකට යද්දී කෑම හදන්න ඕනේ බඩු ගෙනිච්චට කහ,තුනපහ,මිරිස් ඕවා ගෙනියන්නේ නෑනේ මොකද හැම ගෙදරකම ඔය ටික තියෙන නිසා.කහ කුඩුයි,මිරිස් කුඩුයි ඉල්ලලා ප්‍රසංගට ඇන්ටි බැනලා තිබුනා..
එනවනම් ඕනේ කරන සේරම බඩු අරගන එන්න දැනගන්න ඕනේ කියලා

මිදුලට වෙලා දුමක් දදා ඉදපු මාව හොයාගන ආපු ප්‍රසංග කියනවා
 මෙහෙනම් ඉන්න බෑ මචං..වෙන කොහෙන් හරි කාමරයක් හොයා ගමුකියලා.
දවස් හතරක් ඉන්නත් ඕනේ බොන්නත් ඕනේ කන්නත් ඕනේ.ලෝ බජට් නිසා ඉවසගන ඉමු කියලා ප්‍රසංගව ශේප් කරලා යන්තනම් කෑම ටික හදලා අපි නාගන්න කියල හැදුවහම ඇන්ටි කියනවා එයාලට වතුර නැහැ කියලා...ඒ කතාව ඇත්ත වැහි වතුරෙන් තමයි එයාල වැඩ කරගන්නේ.මාස ගානකින් වැහැලා තිබුනේ නෑ අපි යද්දී...

කොළබ ඉන්න යාලුවට කතා කරලා නාන්න තැනක් අහගන අපි ගිය එතනට.ආයෙම බණ්ඩාරවෙල පැත්තට යන්න ඕනේ ඒකට.මාතොටිල්ල ඔය කියලා තමයි මතක විදියට ඒකට කියන්නේ.ඔයට බහින්නත් ලේසි නෑ අංශක 90 ට තියෙන පල්ලමක බහින්න ඕනේ ඔයට යන්න..සෙරෙප්පු එහෙම දාගන බැස්සොත්නම් ලිස්සලා වැටිලා ගලක් උඩ වැටිලා මැරිලා යනවා ෂුවර්.එතකොට වේලාව 6.30 ට විතර ඇති කළුවරයි කට්ටියගේ හිතටත් එච්චර ෆිට් එකක් නෑ ඉන්න තැන ගැන.මොන මගුලට මේ ට්‍රිපක් ආවද කියලා ඒ වෙද්දී මටත් හිතිලා තිබුනේ.එහෙං මෙහෙන් සබන් ටිකක් ගාගන විනාඩි දහයකින් විතර නාගන අපි ආයේ ගෙදරට ආවා.

නාගන එද්දී ඇන්ටිගේ තත්වේ ටිකක් විතර යහපත් වෙලා තිබුනා.ඇන්ටි බණට දහමට ලැදි වගේ පෙනුන නිසා අපිත් බණ ටෝක්ස් දෙන්න පටන් ගත්තා.බණ කියලා කියලා නපුරු ඇන්ටිව පොඩ්ඩක් නම්යශීලී කරගන්න අපිට පුළුවන් උනා.දැන් අපේ අයිඩියා එක මිදුලට වෙලා පොඩි ඩ්‍රින්ක් එකක් දාන්න.එක පාරම ඇන්ටිගෙන් අහන්නත් බෑ වගේනේ..බැන්නොත් එහෙම.අනික ඒ ඇන්ටිගෙන් ඕවා අහන්න ගටක්‌ තිබුනේ නෑ අපි කාටවත්ම.එහෙට මෙහෙට බොලේ දදා ඉදල කෝසල ගිහින් ඇන්ටිගෙන් ඇහුවා මෙන්න මෙහෙම ඇන්ටි...පොඩි සින්දුවක් කියන්නද එලියට වෙලා

කොහොමද සැප.ඇන්ටි නෝ රිප්ලයි ඔළුව වැනුවා විතරයි.සින්දුවක් කියනවා කිව්වහම් බොනවා කියන එක ඇන්ටිට අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි නේ.ඔන්න දැන් ලොකු මල් පෝච්චියක් ටේබල් එක වෙනුවට තියාගන පුටු වටේට දාගන සේරම ලෑස්ති කරලා බොන්න හදන්නේ..ඒත් බයිට් නෑ..මුරුක්කු පැකට් එකක් විතරයි තිබුනේ.මුන් දෙන්න මට කියනවා චිකන් එකෙන් ටිකක් දාගන එන්නලු බයිට් එකට.අර මනුස්සයාගේ මුණ බලාගන ගේ ඇතුලට ගිහින් කොහොමද ඕවා අරන් එන්නේ බයේ බෑ මට..ඒත් කරන්න දෙයක් නැතිම නිසා මම ගියා කෙලින්ම කිචන් එකට.පොඩි ප්ලේට් එකකට චිකන් කෑලි දෙක තුනක් දාගන එද්දී ඇන්ටි ඉන්නවා දොර ගාව..මම දැම්මා හිනාවක්‌ කට කන් දෙක ගාවට දාලා.
බියර් එකක් බොන්න හදන්නේ කමක් නෑ නේද ඇන්ටි



විලි ලැජ්ජයි මගේ ජීවිතේට මෙහෙම ඇබරිලා නෑ කාටවත්.කොහොම කොහොම හරි ෂොට් එකක් දෙකක් දාලා එද්දී පොඩි හැපනින් එකකුත් තිබුනා.බෝතල් එකහමාරක් විතර ගහලා ප්‍රසංග සිංග් කරා සුපිරියට.වැඩේ නැගලම යද්දී ඇන්ටි ඇවිත් දැම්මා බාල්දිය.
ඔයාලා කාලා නිදාගන්නවද මට දොරවල් වහන්න ඕනේ
ඇන්ටි එහෙම කිව්වහම කෝසල කිව්වා.
ඇන්ටි නිදාගන්න අපි කාලා දොරවල් වහලා නිදාගන්නම්
ඒකට ඇන්ටිගේ රිප්ලයි එක මෙහෙමයි.
එහෙම කරන්න බැහැනේ...ඔයාලා පිට අයනේ..

ඒ කතාවට අපේ වෙරි බැස්සා.සේරම අස් කරලා කෑම කාලා ඇදට වැටුනා විතරයි නින්ද ගිය සැපට.තිබුන සීතලත් එක්ක මහන්සිය,වෙරි ඔය සේරම එක්ක හොදටෝම නින්ද ගියා.ඒත් පාන්දර 5.00 ට විතර ඇහැරුනේ ප්‍රසංගගේ ගෙරවිල්ලට.ඒ වගේ ගෙරවිල්ලක් මගේ ජීවිතේට සෙට් වෙලා නෑ.අපි හිතුවේ මූ මැරෙන්න යනවා කියලා.


දෙවෙනි දවසේ අපේ ප්ලෑන් එක වෙලා තිබුනේ Worldsend යන්න.මම දහ පාරක් විතර ගිහින් තිබුනත් අනිත් උන් දෙන්නම Worldsend ගිහින් තිබුනේ නෑ.උදේම ඇහැරුණ නිසා මුණ කට හෝදගන අපි එකතු වෙලා දවල්ට කන්න හැදුවා.එළවලු ටිකක් කපලා දාලා ඒකට බත් එකක් දාලා ෆ්‍රයිඩ් රයිස් වගේ එකක් හදලා සොසේජ් හදලා දාගන,ප්‍රීමා පාන් එකකුයි,කිස්ට් ටෝමාටෝ සෝස් පැකට් ටිකකුයි ගත්තා.

උදේ අට නමය වෙද්දී අපි ගෙදරින් එලියට ආවා..ගෙදරින් ආවා කියන්නේ දිවියලෝකේ ගියා වගේ ඇයි ඉතිං ගෙදර කියන්නේ බන්ධනාගාරේ වගේ නේ..උදේම වැලිමඩ ටවුන් එකට බැහැපු අපි ටවුන් එක පුරාම ඇවිද්ද ගොඩක්ම ඉන්නේ මුස්ලිම් මිනිස්සු.worldsend ෆොටෝ ශුට් එකට කලින් ප්‍රසංගට රැවුල කපා ගන්න ඕනේ කිව්වා නිසා මුලින්ම ගියා සැලුන් එකකට..



ඊට පස්සේ පරාටා,උළුදු වඩේ කාලා ප්ලේන ටී එකකුත් ගහලා කෙලින්ම ගියේ වැලිමඩ වයින් ස්ටෝස් එක ගාවට අපි යද්දී වයිස් ස්ටෝර්ස් එක ඇරලා තිබුනේ නෑ.අපි කලින් දවසේ ගත්ත බොට්ල් තුනෙන් එකහමාරක්ම බීලා තිබුන නිසා බඩු මදි වෙයි කියලා තව වැට්9 එකක් අරගන බොරලන්ද පැත්තෙන් හෝටන් තැන්නට යන්න පිටත් උනා.


තැන්නට ආව විතරයි අපේ හිතේ තිබුන මුස්පේන්තු ගතිය සේරම ගහගන ගියා මීදුමත් එක්ක තිබුන හුළගට.එන්ටරන්ස් එකට යන්න කලින් තිබුන ෆන් එක දිගටම තියාගන්න හිතාගන ෂොට් දෙක තුනකුත් දාගන්න අපි අමතක කලේ නෑ.මාර සීතල..අම්බානක මීදුම කියන්න වචන නෑ ෆට්ටයි..


දවල් දොළහ විතර වෙද්දී අපි තැන්න ඇතුලට ආවා.කිලෝමීටර 6,7 ක් පයින් ඇවිදින්න තියෙනවා කිව්වාම ප්‍රසංග ටිකක් අදිමදි කලත් අපි ඌවත් ඇදගනම ආවා...මුල ටික ගානක් නැතුව ආවට කිලෝමීටර තුනක් හතරක් යද්දී ප්‍රසංග අඩනවා... දැන් ලගද බං....මං එනකල් ඉඩපන්කෝ ඔය වචන ටික විනාඩි පහෙන් පහට අහනවා මූ.



ලෝකාන්තය,බේකස් ඇල්ල බලලා එලියට එද්දී ප්‍රසංගට නෙමෙයි අපිටත් හොද ගණන් බඩගින්නයි සීතලයි එක්ක අමුතුම සිද්ධියක් තිබුනේ ඒ වෙලාවේ.හෙමින් හෙමින් ගිය නිසා හවස හතරට විතර අපි තැන්නෙන් එලියට ආවා.ආපු ගමන් කට්ටියම දිව්වේ කෑම එක හොයාගන.සීතලම සීතල වෙලා තිබුන කෑම එක කන ගමන් ඩ්‍රින්ක් එකටත් සෙට් උනා.හෝටර්න් තැන්නේ කාර් පාක් එකේ මීදුමෙන් වැහිලා තිබුනා අයිනකට දාගන අපි වඩේ පටන් ගත්තා..මෙහෙම මෙහෙම ලග ඉන්න එකා පෙන්නේ නැති තරමට මීදුම බාන්න ගත්තා ඒ වෙලාවේ.අමුතුම ෆීල් එකක් තිබුනේ අපිට.ඔය අතරේ දුක කියන්නේ අපේ තිබුන සිගරට් ඉවර වෙලා තුනයි ඉතුරු වෙලා තිබුනේ.කොච්චර බිව්වත් දැනුනේ නැත්තේ ඒ තිබුන සීතලට.


හවස 5.30 විතර වෙද්දී මීදුම අස්සෙන් අපිව හොයාගන ආව අන්කල් කෙනෙක් අපිට කිව්වේ හවස 6 වෙද්දී එන්ටරන්ස් එකේ ගේට් එක වහන නිසා ඊට කලින් එලියට යන්න කියලා.කෑම බිම සේරම අකුලගත්ත අපි ගේට් එකෙන් එලියට ගිහින් ෆන් එකක් ගන්න හිතාගන හෝටන් තැන්නට බායි කිව්වා.


ගේට් එකෙන් එලියට ආව අපි හෝටන් තැන්න කියන බෝර්ඩ් එක ගාවම අපේ වාහනේ නතර කරලා රයිස් එක බයිට් කරගන බොන්න පටන් ගත්තා..හවස 6 පහු වෙලා තිබුන නිසා කළුවර වෙලා ෂොට් එක දාගන්න කප් එක අතට ගත්තාම අත වෙව්ලන ගානට සීතල..ෂොට් එක ගහලා කප් එක තිබ්බාම ඒක ගහගන යන ගානට හුලග.


තිබුන ෆන් ඒක ඩබල් වෙන්නත් එක්ක අපි සිංග් කළා පාර පුරා නැටුවා...ඒ වගේ වෙලාවක ඒ වගේ තැනක අපි වගේ ෆන් එකක් ගත්ත සෙට් එකක් වෙන නැතුවත් ඇති.ඇන්ටන ජෝන්ස් මහත්තයාගේ සින්දු සෙට් එකක් තමයි ප්‍රසංග ගැහුවේ...සැප කියන්නේ උල් එක...


ප්‍රේමවතී මනම්පේරි තරුණිය...කතරගමේ විසු රූප රැජිණිය..පතිවත කෙලෙසලා ඇගේ..මැරුවේ තිරිසනෙක් වගේ..ඒ සිත් පිත් නොමැති උදවිය.....

සින්දු අතරේ මෙන්න මෙහෙම එකකුත් කිව්වා වගේ ලාවට මතකයි..

රන් දෙරනේදී..මට හමුවූ සුන්දර සුදු නෑනට..මං කරනෙමි ආලේ තවම සුදු වැලි කැට ගානට ...


රෑ 7.00 විතර වෙනකල් සුපිරිම සුපිරි ෆන් එකක් ගත්ත අපි ආපහු එන්න ආවේ ගෙනියපු බෝට්ල්ස් එම්ටී උනාට පස්සේ.මගේ ජීවිතේට එහෙම බීලා තිබුනේ නෑ බෝතල් දෙකයි කාලක් විතර අපි තුන්දෙනා බීලා තිබුනා ඒ වෙද්දී.ආපහු එද්දී පොඩි රිස්ක් එකක් දැනුනේ පාරේ තිබුන ලොකු පල්ලම්,දරුණු වංගු නිසා..මනුස්ස වාසයක් කට්ට කළුවර නැති ඒවගේ පාරක ඒ වගේ වෙලාවක එද්දී පොඩි බයකුත් නොදනුනාම නෙමෙයි.කොහොම හරි වැලිමඩ ටවුන් එකට ආපු අපි තව වැට් 9 බොට්ල් එකකුයි ග්‍රීන් ඇපල් එක්ක රෙඩ් බුල් ගත්තා ගෙදර යන්න කලින් තව ටිකක් චාර්ජ් කරගන්න හිතාගන.

ගෙදර ගිහින් බොන්න ගියහම ඇන්ටි බාල්දිය දාන නිසා වැලිමඩ,බණ්ඩාරවෙල පාරේ කොහේ හරි නතර කරලා බොන්න කල්පනා කලත්.නොදන්නා පැත්තක එහෙම පාරේ බොන එකේ ආදීනව අපිට මතක් උන නිසා කෙලින්ම ගෙදර ආවා.ඒ එද්දී අපේ ආන්ටි නිදි.නාගන්න වතුරත් නැති නිසා ඇදුම් මාරු කරලා කාමරේට වෙලා ගෙනාපු වැට් 9 එක ගහන්න ගත්තා.ඒ වෙද්දී හොදට වෙරි.අපේ අතේ තිබුන සල්ලිත් ඉවර වෙලා තිබුන නිසා අපි දවස් 4ට ආපු ට්‍රිප් එක දවස් 3 න් ඉවර කරන්න තීරණේ කළා.

ඔය අතරේ ප්‍රසංගට ඕනේ වෙලා තිබුනා නුවරඑළියේ ටවුන් එකේ නයිට් එකක් ඉන්න.
නුවරඑළියේ ටවුන් එකේ බුදිය ගත්තේ නැත්නම් වැඩක් නෑ මචං
කෝසල,ප්‍රසංග දෙන්නගෙම මතය උනේ ඒක.උන්ගේ විතරක් නෙමෙයි මගෙත් කැමැත්ත උනේ ඒකම තමයි..තිබුනේ සල්ලි ප්‍රශ්නේ..


මම අපේ පපාට කතා කරලා සල්ලි ටිකක් දාගන්නම්. ඔය අතරේ ප්‍රසංග ඔහොම කිව්වා.
පපා කියන්නේ උන්ගේ තාත්තා නෙමෙයි උන්ගේ පුංචි.ඌ පුංචිට කතා කරන්නේ එහෙමයි.වෙලාවේ හැටියට අපිටත් ඕනේ එකක් නිසා අපි තීරණේ කළා පහුවදා උදේම නුවරඑළියේ ටවුන් එකට බහින්න.එදා රෑ ඒ බොට්ල් ඒක ඉවර වෙද්දී මහ රෑ එක දෙක වෙලා.හොදටම වෙරි.ගේ ඇතුලේ දුම දාන්න බැරි නිසා මමයි කෝසලයි එලියට ගිහින් මිදුලට වෙලා සිගා එකක් ගහන්න ගත්තා...

මෙන්න ටික වෙලාවකින් අපි දෙන්නගේ පිටිපස්සෙන් කව්ද අඩනවා ඇහෙනවා..අපි දෙන්නම එක පාර හැරිලා බලද්දී ප්‍රසංගය වලස් තඩියෙක් වගේ අපේ පස්සේ ඉදන් ඉඩනවා...
උබලා ඔය කරන වඩේ හරිද බං...

මූ අඩ අඩා අපෙන් අහනවා...අපි දෙන්න කොර වෙලා..බලාගන ගියාම මූ මේ අඩලා තියෙන්නේ අපි දෙන්න තනියම සිගා එකක් ගහන්න එලියට ආව එකට.හිතාගන්නකෝ කට්ටියගේ වෙරි මීටරේ කොහොමට තියෙන්න ඇද්ද කියලා.
පාන්දර නිදාගත්තත් අපිට නින්දක් තිබුනේ නෑ ප්‍රසංගගේ ගෙරවිල්ල නිසා.උදේම ඇහැරුණ අපිට කලින් දවසේ රෑටත් කාලා නැති නිසා තද බඩගින්නක් තිබුනේ.එදා උදේ ඇන්ටිගේ සෑහෙන්න වෙනසක් තිබුනා.
පුතාලා උදේම ගිහින් නාලා එන්න මම කෑම හදල තියන්නම්

අපිට අග මුල මාරු උනා ඇන්ටිගේ ටෝක් එකට.අපිව පෙන්න බැරුව වගේ ඉදපු මනුස්සයා කෑම හදල දෙන්නම් කිව්වම කැරකිල්ල අල්ලන්නේ නැද්ද.

උදේම ගිහින් මාතොටිල්ල ඔයට බැහැල පහුවදා තිබුන සේරම අමාරුකම් යන්නත් එක්ක අපි හොදට නාගත්තා.මෙහෙදී බිපුවහම වගේ නෙමෙයි සීතල වැඩි නිසා අපිට බිව්වා කියලා ගානක්වත් තිබුනේ නෑ.

නාලා එද්දිම ඇන්ටි කෑම බෙදලා තිබුනා..කලින් දවසේ අපි උයපු චිකන් එකයි,බොන්චියි,ගෝවා කොළ මල්ලුමකුයි.වේල් දෙක තුනකින් නොකා ඉදපු අපිට ඒ කෑම වේල ගින්දර වගේ.

කෑම කාලා අපේ බෑග් සේරම වාහනේට දාගන.කෙසෙල් ගස් කපලා දාලා වගේ ඇන්ටිට වැදපු අපි කෙලින්ම ආවේ ග්‍රෙගරි ලේක් එක ගාවට.දවල් උනත් ලේක් එක ගාවත් ෆට්ට සීතලයි හුළගත් එක්ක.ලේක් එකේ බෝට් රයිඩ් කරන තැනට වෙලා ඒ දිහා බලන ඉදපු අපිට එතන බෝට් රයිඩ් සීන් එක භාරව ඉන්න ලොකු අයියා කෙනෙක් අපිට සෙට් උනා.එයාගේ මල්ලිගේ පොඩි රිසොර්ට් එකක් තියෙනවා කිව්වා ඒ ලගම.


ඇත්තටම ඒ වෙද්දී අපිට ඕනේ වෙලා තිබුනේ පොඩ්ඩක් රෙස්ට් එකේ ඉන්න.මොකද දවස් දෙකකින් නිදි නැහැ.තිබුන මහන්සියත් එක්ක හැමෝටම ඕනේ උනේ පැය දෙක තුනක සැප නින්දක්.

පොඩි වෙලාවක් ග්‍රෙගරි ලේක් එක ගාව ඉදල අපි අර අයියා කිව්වා තැනට ආවා එයත් එක්කම.ලොකු සැප කාමරයක් නොවුනත් එතන ෂේප්.ලස්සන තැන.වටේම කැරට් වගාවල්.තේ වතු,,ඉංග්ලන්ඩ් වල වගේ තඩි ගෙවල්.රූම් එකට ගිය ගමන් හොට් වෝටර් වලින් ෆුල් බොඩි වොෂ් එකක් දාගන අපි තුන්දෙනාම පැයක දෙකක සැප නින්දක් දැම්මා.හවස හතරට විතර ඇහැරිලා නුවරඑළියේ ටවුන් එකට ගිහින් වැට්9 බොට්ල් 3 ක් අරගන අපි ආයෙම රූම් එකට ඇවිත් වඩේ පටන් ගත්තා.එදත් අවසාන සීතල දවසක් තැන්නට එහා රූම් එක ඇතුලේ..සින්දු විරිදු කතා කෝටියයි එදා නයිට් එකේ.


ෆට්ටම සීන් එක කියන්නේ සමහර අය හිටියා අපි අහවල් රටේ රින 4 ඉදලා තියෙනවා කියලා ලොකු ටෝක් දීපු අය.එහෙම කියපු කව්රුවත් රෑ 10 න් පස්සේ එලියට බහින්නනම් ආවේ නෑ.



ලොකු කාර් වෑන් වල නුවරඑළියේ බැහැලා ඇති වෙන්න සල්ලි වියදම් කරලා ෆන් ගත්තත් මේ ට්‍රිප් එකේ අමුතුම ෆන් එකක් තිබුනා කියලා හිතුනා මටනම්.එකයි මේක ලියන්නත් හිතුනේ.පහුවදා ටිකක් දවල් වෙනකල් නිදාගත්තා අපි ගෙදර එන ගමන් ඇඩිෂම් බලලා ගෙදර ආව.. ඇඩිෂම් ගිය එක ගැන ලියන්න ඕනේ නෑ මම ඒ ගැන කලින් පොස්ට් එකේ ලියලා තියෙන නිසා..ඔන්න ඔහොමයි තවත් සුපර් ට්‍රිපක් ඉවර උනේ.ලගදීම මීමුරේ යන්න හිතාගන ඉන්නවා ගිහිල්ලා ආව ගමන් ඒ ගැන කියන්නම්.

No comments:

Post a Comment