Thursday, September 11, 2014

“සිරකරුවෝ මනුෂ්‍යයෝ”


සාධාරණ ලෙස වේවා අසාධාරණ ලෙස වේවා සිර ගෙට යැවෙන පිරිමියෙකුට හෝ ගැහැනියකට සිරගෙදර උවත් නිදහසේ හුස්ම ගැනීමේ අයිතිය තිබිය යුතුය.එහෙත් දිවයිනේ සිරගෙවල් වල ඉඩකඩ සීමාසහිත වීම නිසා ඒ අයිතිය සිරකරුවන්ට අහිමිවී තිබේ.මෙරට පිහිටා ඇති සිර ගෙවල් වල ඉඩ ඇත්තේ සිරකරුවන් 12,500 කට වුවද මේ වනවිට සිරගෙවල 22,000 කට ආසන්න සිරකරුවන් සංක්‍යාවක් ගාල්කර ඇත.බන්ධනාගාර කොමසාරිස් වරයාගේ සංඛ්‍යා ලේඛන වලට අනුව සිරකරුවෝ 9,500 ක පමණ අධික ප්‍රමාණයක් සිටිති.ඉන් කියවන්නේ සිර ගෙවල් වල විශාල තබදයක් පවතින බවයි.

එල්ලා මැරීමට නියම වූවකුට තනි කුටියක්‌ ලබාදීම සම්ප්‍රදාය වුවත් මේ වනවිට පුද්ගලයන් පස්දෙනෙක් එක් කුටියක රදවා ඇත්තේ මේ ඉඩ කඩ ප්‍රශ්නය මතය.වැලිකඩ බන්ධනාගාරයේ පමණක් සිරකරුවන් 3,ක පිරිසක් රදවා තිබේ.එහෙත් එහි ඉඩකඩ ඇත්තේ 2,500 කට පමණය.මාතර බන්ධනාගාරයේ තත්වයද ඊට සමානය එහි ඉඩකඩ ඇත්තේ 970 කට වුවද 2,500 ක පිරිසක් මේ වනවිට එහි රදවා සිටී.

පාරේ යන එනවුන්ට පෙනෙන්නට සිරකරුවෝ මනුෂ්‍යයෝ යයි සිරගෙදර තාප්පයේ ලිවීමෙන් පලක් නැත.එය ලියා ගත යුත්තේ සිර ගෙදරට ඇතුළු පැත්තෙන් ජේලර් වරුන්ට හා එහි පාලකයන්ට පෙනෙන සේ ලොකු අකුරෙනි.සිරකරුවන්ට බල්ලන්ට බළලුන්ට මෙන් නොසලකා මනුෂ්‍යයන්ට මෙන් සැලකිය යුතුය.එහෙත් දිවයින පුර ඇති තත්වය අතිශය අයහපත්ය.සිරගෙදර ශෝදකාගාරයක් විය යුතු වුවත් සුළු වරදකට සිරගත වන්නන් පවා එලියට එන්නේ අපරාධකාරයෙකු වීමට සියලු සුදුසු කම් සපුරාගනය.නොමග ගිය වුන් සුමගට යොමු කරන පාසලක් විය යුතු සිර ගෙදර අපරාධකරුවන්ට පුහුණු පාසලක් බවට පත්ව ඇති බව කීම අතිශයෝක්තියක් නොවේ.

කොරේ පිටට මරේ කිව්වා වගේ නිදහස අහිමි කර සිරකර තබුවන්ට සිර ගෙදර ඇතුලේ නිදහසේ විසීමට නොහැකි වාතාවරණයක් නිර්මාණය වී ඇත.රට පුරා අපරාධ සිදුවන ආකාරයට නම් ඉදිරියේදී සිර ගෙවල් වල තදබදය තව තවත් වැඩිවීමක් මිස අඩුවීමක් ගැන සිතිය නොහැකිය.ඒ නිසා නෙලුම් පොකුණ,නෙලුම් කුලුනු වලට ලබාදෙන ප්‍රමුඛතාවය සිර ගෙවල් හැදිමටත් ලබාදිය යුතුය.සිර කරුවන්ට බිත්ති හතර ඇතුලේ නිදහසේ ජීවත් වීමට ඇති අයිතිය ලබාදීම බලධාරීන්ගේ යුතුකමි මන්ද යත් කාගේ හෝ වරදින් සිර ගෙවල දුක් විදින්නේ අපගේම සහෝදර සහෝදරියන් බැවිනි. 

-------------------------රස්තියාදුකාරයාගේ අඩවිය---------------------------
එක් වන්න අපගේ ෆේස් බුක් පිටුවට

No comments:

Post a Comment