Monday, September 8, 2014

දැන් මම පෙන්ෂන් හැඩිදැඩි අයට සම්තින්



ගෙන්දගම් පොලව මත සිදුවන දෑ පිළිබද අවදානයෙන් සිටින්නෙකු හට මේ කතාව අරුමයක් නොවිය හැකි මුත් එසේ නොවන්නන්ද සිටින නිසා මෙසේ ලියන්නෙමි.නාටාමි පුද්ගලයා අද වන විටද 4 වන හරස් විදියේ වීදි සරන්නෙකි.මේ කතාව කියවන මොහොත වන විටද මොහු මෙම කතාව තුල අඩංගු රාජකාරි දෙකෙන් එකක නිරත වනවා වන්නටද පුළුවන.


දවාලට තියෙන කොලබ නෙමෙයි රෑට තියෙන්නේ,රාත්‍රී නමය දහය පහු උනාම මේ නගරය ඇතුලේ සිදුවන දේවල් සිතා ගන්න බැරි තරම්.ඉර බහිනවත් එක්කම වැටෙන කළුවර මෝරන කොට නයි,පොළොංගු,මාපිල්ලු විතරක් නෙමෙයි ගැරඩිත් එලි බහිනවා.පැත්තකට වෙලා පාඩුවේ මේවා බලාගන ඉන්නකොට තමයි මේ සේරම දේවල් හොදට පෙන්නේ.මෙන්න ඒ කතාව........

පාන්දර  හතරේ ඉදලා පටන් ගත්ත මුට්ට කරගැහිල්ල සවස තුනට විතර අවසන් කෙරුවත් මම ගෙදර යන්නේ නැතුව පාරේ ඉන්නේ කලින් ගෙදර ගියාට වැඩක් නැති හින්දා.ගෙදර කිව්වේ ගෙයක් නෙමෙයි මම කුලියට ඉන්න කාමර කෑල්ලට.

කව්රු හරි යාලුවෙක් දෙන්නෙක් අල්ලගන බොරු කතාවක් දාගන කරත්තයක් උඩට වෙලා ඉන්නේ නිදාගන්න යන්න වෙලාව එනකල්.

පුංචි කාලෙම මම කොලබ ආවේ හැම දෙයක්ම නැතිවෙච්ච හැම දෙයක්ම එපා වෙච්ච දරුවෙක් විදියට.එතකොට මට වැඩිම උනොත් අවුරුදු අටක් ඇති.කුරුණෑගල පැත්තේ කොහු මෝලක වැඩ කරපු තාත්තා කොහු මැෂිමට අහුවෙලා කැපිලා මැරුණා.අපි හිටියේ ඒ මෝලේම කුඩු කන්ද ලග හදල දීපු ලෑලි මඩුවක.තාත්තගේ මිනිය ඒ මඩුවටවත් ගෙනාවේ නෑ..කෑලි ටික ඉස්පිරිතාලෙන්ම අරන් ගිහින් වලදම්මා කියලා මෝලේ මහත්තය ආපහු ඇවිත් කිව්වේ.

ඊට පස්සේ මාස තුනක් ගියේ නෑ..ඒ කොහු මෝලේම වැඩ කරපු බාප්පා කෙනෙක් අපේ ගෙදර ඇවිල්ලා නතර වුනා.මම හැම තිස්සෙම බිඩි ගේන්න කඩේ යන්න ඕනේ උනා.මොනවා හරි කියපු වැඩක් අමතක උනොත් හැම තිස්සෙම ගහන්න ගත්තා.

අතිනුත් නෙමෙයි ගහන්නේ පොල් පිත්තකින්,එහෙම නැත්නම් පයින්.වැඩි හරියක් පයින් තමයි ගැහුවේ.අම්මා දැක්කත් බාප්පට මොකුත් කියන්නේ නෑ...එයා කිව්වේ බාප්ප්පට බැන්නොත් එය ගෙදරින් යයි කියලා.

මට ගෙදරම එපා උනා.මෝලේ කොහු පටවන්න එන කොහු ලොරියේ මාමට මම සේරම විස්තරේ කිව්වා.එයා තමයි මාව ලොරියේ දාගන ඇවිල්ලා කොලබ හෝටලේකට භාර දුන්නේ.

එදා ඉදන් අව්රුදු  ගානක්ම පිගන් හේදුවා.නිදාගත්තේ රෑ 12 ට ආයෙත් පාන්දර තුනට නැගිට්ටා.හරියට පඩියක් දුන්නේ නැහැ.මට සල්ලි වල උවමනාවක් තිබ්බේ නෑ.කන්න විතරයි මට ඕනේ.හෝටලේ හඩන ඕනෑම කෑමක් කෑවට මුදලාලි මොකුත් කියන්නේ නැහැ.ගෙදර කන්න නැතුව හිටපු මම ඇතිවෙනකල් කෑවා.කාල කාල ලොකු වෙනකොට කුස්සියේ අනෙක් වැඩ කරන්න දුන්නා.

කාලයක් යද්දී මට හාල්මිටිය තනි අතින් උස්සලා ගන්න පුළුවන් තරම් ශක්තියක් ආවා.ශක්තිය තිබුනට මදි මට ඕනේ උනේ බැටිස්ටා වගේ රෙස්ලින් කාරයෙක් වෙන්න.ඊට එහා ලෝකයක් මට තිබුනෙම නෑ.

මොකක් හරි වැඩකට හෝටලෙන් එලියට ආවොත් මම දුවගන යන්නේ නාටාමිලා ඉන්න තැනට.බර උස්සල උස්සල මස් ගොබ දාලා හැදිලා තියෙන එයාලගේ ඇගවල් දිහා බලාගන ඉන්න ආසයි.මම අව්රුදු 19 වෙද්දී හෝටලේ මුදලාලිට කියලා ඇත්තටම නාටාමි වැඩේට බැස්සා.මුලින්ම වැඩේට බහිනකොට අනෙක් හැම කෙනාටම වගේ නාටාමිලාගෙන් එක එක කරදර ආවා.එකෙක්ව උස්සල උගේ කරත්තේ උඩම ගැහුවා ඉවසල ඉවසල බැරිමතැන.එදා ඉදල මොකෙක්වත් මොනවත් කියන්නේ නැහැ.උන්ට තාම හිතාගන්න බෑ මම සිංහලද දෙමළද කියලා.

ටික කලක් යද්දී කිලෝ සීය කිට්ටු කරලා බර තියෙන ගෝනි උස්සගන දුවන්ඩ පුළුවන් උනා.අව්රුදු දෙකක් විතර බර උස්සනකොට මගේ ඇගත් අනිත් නාටාමිලගේ වගේ උනා.මස් ගොබ දාලා බොඩි බිල්ඩර් කෙනෙක් වගේ.දවසට හොද ගානක් හෙව්වා,නැති උන්ට ඉල්ලපු උන්ට සල්ලි දුන්නා.හොදට කෑවා ඊත් බිව්වේ නැහැ.කුඩු,ගංජා,කසිප්පු හිටියත් මම ඒවාට නෑ.කවදාවත් කටේ තියලා නෑ.
 වැරැද්දකට කරන්නේ නිකම් කාලය කා දමමින් පිටකොටුවේ කඩයක් ඉස්සරහට වෙලා ඉන්න එක විතරයි.

දවසක් රෑ නවය හමාරවත් උනේ නෑ.අපි ඉස්සරහ නතර කලේ අළුත් ඩිෆෙන්ඩර් රථයක්.ටික වෙලාවක් ඒක නතර කරගන අපි දිහා බලාගන හිටියා.අපිත් ගණන් ගත්තේ නෑ.ඊලග අව්රුදු හැටක විතර වයසක අන්කල් කෙනෙක් බැහැලා ආව ඉස්සරහට.

පුතේ මගේ පාර්සල් කෑලි පහක් තියෙනවා ටෙක්නිකල් හන්දියේ,බැරිද ඒක පටවගන්න උදව්වක් කරන්න ඉල්ලන ගානක් දෙන්නම්.....’”

එයා කෙලින්ම කතා කලේ මගේ දිහා බලාගන.අව්රුදු ගානකින් පුතේ කියන වචනේ ඇහුන නිසා මගේ කන් දෙක පිරුනා.

යමු

මං නැගිටිනකොටම මාත් එක්ක කතා කරමින් ඉදපු බේබද්දෝ දෙන්නෙක් නැගිට්ට,ඒ සමගම ඒ මහත්තයාගේ මුණ ඇබුල් වුනා.

මොනවා හරි කැඩෙන බිදෙන බඩු ඇති.ඒ හින්දා උන් දෙන්නව නතර කරලා මම විතරක් ගිහින් වාහනේට නැග්ගා.පිටිපස්සේ ෂීට් එකේ තවත් මනුස්සයෙක් හිටියා.එයත් අව්රුදු පනහ පැනපු වයසක කෙනෙක්.

වයසක මනුස්සයෙක් උනත් වාහනේ ඉස්සරහට ඇද්දේ රේස් එකකට යන්න වගේ.විනාඩි දෙකන් ටෙක්නිකල් හන්දියේ ඒත් දැන් එය පහු කරගන මරදාන පැත්තට පිබගන යන්නේ.

මේ කොහෙද යන්නේ

මම එහෙම කියාගනම වාහනේ ජනේලේ අරින්න අත තිබ්බා විතරයි මගේ හිසට එල්ල උනේ පිස්තෝලයක්.මොකක්ද මේ වෙන්න යන්නේ.පිටිපස්සේ ෂීට් එකේ හිටපු වයසක මිනිහා දෑතින්ම පිස්තොලේ එල්ල කරගන ඉන්නේ.

මුන් දෙන්නව අත් දෙකෙන් උස්සලා විසි කරන්න පුළුවන්,ඒත් මට ටිකක් ඉවසන්න වෙනවා.මම කොයි තරම් ශක්තිමත් උනත් පිස්තොලේට තියෙන බය නිසා ගොඩක් හිතුව මිසක් කිසි කලබලයක් කලේ නැහැ.

අපි ඔහෙට කිසිම කරදරයක් කරන්නේ නැහැ..අපි කියන විදියට කෙරුවොත් වාසියක් මිසක් අවාසියක් නෑ...

එහෙම කිව්ව ඔවුන් වාහනේ යන ගමන් කළු පාට රෙදි පටියකින් මගේ ඇස් බන්දා.ඒත් මම කලබල උනේ නෑ..හොදට කතා කරන නිසා ඕනේ දෙයක් කරගන්න දීලා ෂීට් එකට හේත්තු වෙලා හිටියා.

විනාඩි විස්සකට විතර පස්සේ වාහනේ නතර වුනා.ගේට්ටුවක් ඇරෙන සද්දෙත් එක්කම වාහනේ නතර කළා.ඇස් දෙක නොපෙනුනත් යන්නේ කොහෙද කියන ඒක දැනුනා.ගෙයක් ඇතුලට එක්කන් ගියා.ගේ ඇතුලෙන් මැදම කාමරයකට තමයි එක්ක යනවා තේරුනේ.ඒක තැනක නතර කරගන ඇදකඉන්දෙව්වා.කවදාවත් ඉදගන නැති අඩි භාගයක් විතර යටට එරෙන මෙට්ටයක් ඒකට දාලා තිබුනේ.

අපි කරදර කරන්නේ නෑ...ඒ වුනත් කෙනෙක් කියනකල් ඇස් දෙක ලිහන්න එපා

එහෙම කියලා එයාලා දොර වහගන ගියා.ටිකකින් කව්රු හරි එනවා දැනුනා,දැන්නම් පුදුම සුවදක් නහයට දැනෙන්නේ.කවදාවත් විද නැති ඒ සුවදත් එක්කම කව්රු හරි මගේ ඇස් දෙක ලිහන්න වුනා.

අදුරු වෙලා තිබුන ඇස් දෙක පිහදාලා බලනකොට මටම හිතාගන්න බෑ මොකක්ද මේ වෙන්නේ කියලා.මම ඉස්සරහ හිටගන හිටියේ ගෑනු කෙනෙක්.

විනිවිද පේන දුහුල් නයිටියකින් සැරසුන ඇය මගේ දිහා හිනා වේවි බලාගන ඉන්නවා.තරුණ විය ඉක්මවා අව්රුදු තිස්පහක විතර වූ ඇගේ තිබුනේ ප්‍රියමනාප පෙනුමක්.

,මම ඇදෙන නැගිට්ටා ඒ සමගම ජනෙල් පියනක් අස්සෙන් යලිත් අර පිස්තෝලය මා දෙසට එල්ල උනා.

කලබල කරන්න එපා කිව්වනේ...අපි කිසිම බාදාවක් කරන්නේ නෑ ඔය දෙන්නට දැන් ඕනේ විදියට නිදහසේ ඉන්ඩ පුළුවන්..හැම දෙයක්ම ඔය කාමරේ ඇතුලේ තියෙනවා...

ඒත් එක්කම මගේ ඉදිරිපිට සිටි කාන්තාව මාව වලදගත්තා.මාව ඇදේ පෙරලගත්තා.

මම එන බව දැනගනම වගේ ඒ සුඛෝපබෝගී කාමරේ කොනක කෑම මේසෙකුත් ලාස්තිකරලා තිබුනා.කෑම විතරක් නෙමෙයි බිමත් තිබුනා.මොනවා තිබුනත් ඒ සේරමගෙන්ම මගේ ඇස් දෙක ඇය දෙසට හරවගන්න ගැහැනියගේ ස්පර්ශය සමත් වුනා.

අඩුම ගානේ මගේනමවත් ඇහුවේ නෑ.පාන්දර හතරට විතර ආයෙත් ජනේලෙන් මගේ දෙසට පිස්තෝලය එල්ල වුනා.

දැන් යන්ඩ ලෑස්ති වෙන්න..කාටවත් මේ ගැන කියන්න එපා.ඔයා මේ සල්ලි ටික තියාගන්න..
බොහොම කෙටි වචනෙන් නාකි මිනිහා එහෙම කියන ගමන් මගේ දෙසට පන්දාහේ කොළ පහක් දිගු කළා.රුපියල් විසිපන්දාහක්....දැන් මට තේරෙනවා මොකක්ද මෙතන වෙන්නේ කියලා..මම සල්ලි ටික අතට ගත්තා.ඊට පස්සේ මාව ගෙනාවා වගේම ඇස් බැදලා වාහනේ දාගන ගියා.

ටෙක්නිකල් හන්දියෙන් මාව දාලා මගේ අතට තවත් රුපියල් පන්සියක් දුන්නා.
මෙතන ඉදලා වීල් එහෙක යන්න..

පන්සීයේ කොලේ එක්කම සිම් එකකුත් තිබුනා.
ඔය සිම් එක දාගන්න..අවශ්‍ය උනොත් අපි කතා කරන්නම්..

මම වාහනෙන් බැස්ස විතරයි.වයසක පොරවල් දෙක ඉගිලුනා.දැන් ඒක වෙලා සතියක් වෙනවා.අහල තිබුනට ඒ අත්දැකීම් ලැබුවේ එදාමයි.අනෙක් නාටාමිලා කියලා තිබුන විදියටනම් තව සතියක් යන්න කලින් කෝල් එකක් එයි.

මැදි වයසේදී සල්ලි බලෙන් තරුණ කෙල්ලෝ බැදගත්තු  කොලබ සල්ලි කාරයෝ දැන් නන්නන්ත්තාර වෙලා.ගෑනි පැනලා ගියොත් නම්බුව ඉවර නිසා තරුණ අබුවන්ගේ ගිනි නිවන්න එක රෑකට විසිපන්දාහක්...සමහර මිනිස්සුන්ට මාසෙම වැඩ කරලත් දරු පැටවුන්ගේ බඩ පුරවන්න මෙච්චර මුදලක් හම්බුවෙන්නේ නෑ,,,


No comments:

Post a Comment