Thursday, September 11, 2014

Best Things For Children


මා හොදින් දන්නා කොළබ නගරයේ සුප්‍රසිද්ධ පාසලක නිර්මාණශීලි දරුවෙක් සිටියේය. හෙතෙම පන්තියේ පලමුවනියාය.ඉංග්‍රීසි සිංහල භාෂා දෙකටමත් ඔහු දක්ෂය.ඔහුගේ දෙමව්පියෝ මේ සිසුවා මේ ප්‍රකට ජාතික පාසලේ කනිෂ්ට ශිෂ්‍ය නායකයෙකු කිරීමටත් ඉක්බිති ජේෂ්ට ශිෂ්‍ය නායකයෙකු කිරීමටත් බලාපොරොත්තු වුහ.එහෙත් පන්ති භාර ගුරුතුමාත් විනය භාර ගුරුතුමාත් ඔහුට ශිෂ්‍ය නායක කම නොදුන්නෝය.දෙමාපියන්ගේ අදහසට අනුව තම දරුවාට වඩා නායකත්වයට සුදුසුකම් අඩු උපාසක උපාසිකා යුවලකගේ දරුවෙකුට ශිෂ්‍ය නායක කම ලැබිණ.උපාසක දරුවා ශිෂ්‍ය නායකයෙකු වෙද්දී නිර්මාණශීලි දරුවෙකු ශිෂ්‍ය නායකයෙක් නොකළේ ඇයි දැයි දෙමාපියෝ අදාළ ගුරු භවතුන්ගෙන් සන්සුන්ව විමසුහ.පිළිතුර මේ පරිදිය.

දරුවා දක්ෂ බවත් හොද බවත් ඇත්ත එයාගේ ඇදුම විලාසිතාව හොද නෑ..කලිසම ඇදලා ඉණෙන් අගල් පහ හයකටත් වැඩිය පහත් කරගන ඉන්නේ .කලිසමට යටින් යට ඇදුම පේනවා..යට ඇදුම පේන්න අදින ළමයෙක් කොහොමද ශිෂ්‍ය නායකයෙක් කරන්නේ....එයා වැඩිපුරම අදින්නේ රතු පාට අන්ඩර් වෙයාර් එකක්...

පන්ති භාර ගුරුතුමිය කීවාය.

අපේ ආතා මුත්තා ඇන්ද පිළිවෙලට අම්මා අප්පච්චි ඇදුම ඇන්ද බව ඇත්තය.අම්මා තාත්තාගේ ඇදුම පැළදුම් විලාසිතා වලට වඩා අපේ පරම්පරාවේ විලාසිතා බෙහෙවින් වෙනස් ය.අපට වඩා අපේ දරුවන්ගේ පරම්පරාවේ විලාසිත බෙහෙවින් වෙනස්ය.අප කුඩාම කාලයේ අමු හෙළුවෙන් හිටියා හොදටම මතකය.වැද්දෝ නම් අඩු ගානේ කොළ අත්තකින්වත් අංගජාතය වසා ගත්හ.කුඩාම කාලයේ අංගජාතය පොලවට ලම්භකව එල්ලා ගන සිටින විට දෙමාපියෝ විලි වාඩමක් ලෙස අපට ජංගිපොඩ්ඩක් අන්දුහ.ජංගිය නාගරිකයාට අසභ්‍ය අර්ථයක් ගෙනාවත් ජංගි පොඩ්ඩක්යනු ගැමියාට සුන්දර විලි වාඩමක නමකි.ඊටත් පස්සේ කාලයේ හපුතලේ පොලට ගීය විට අපේ අම්මා අයියලා අදින වර්ගයේ ලන්කට්එකක් ගෙනත් දුන්නෝය.එය මසා තිබුනේ භූමිතෙල් ගද ගහන චීත්ත රෙද්දෙනි.එක කකුලක් පමණක් ඇතුලට දැමිය හැක.අනෙක් කකුල ගැට ගසා ගැනීමට රෙදි පොටවල් දෙකකි.ලන්කට් එකක් ඇන්ද කල ඉලන්දාරි කමක් දැනේ.අපේ අයියලා හන්දියේ කඩමන්දියට ගීය විට දෙතුන් වතාවක් සරම ගලවා නැවත අදින්නේ වට පිට උන්ට ලන්කට් එක පෙන්වීමටය.ඊටත් පස්සේ අපේ කාලයේදී පාසලේ කොල්ලෝ ලන්කට් අදිනවාට කිව්වේ ජොකාඅදිනවා කියාය.ලොකු ඉලන්දාරිනම් ඇන්දේ වෙයාර් වෙල් සපෝටර්ය.

සමහරවිට ඉස්සර අටේ නමයේ ගජ ඉලන්දාරියෙකු පවා යටට ඇන්දේ නැත. උබේ ගොනා කාණුවේ..ගෙදරට කියලා ලන්කට් එකක් මහගනින්.ඔය විදියට පැත්තට බර කරගන එන්නේ නෑ මීට පස්සේ ඉස්කෝලේ

අපේ ඉස්කෝලේ ගුරුවරයෙකු ශිෂ්‍යයෙකුට බැන්නා මට හොදටම මතකය.

දැන් පරම්පරාව එහෙම නැත අප කුඩා කාලයේ ඇදේ පැදුරේ චූ දමන නිසා පස්සට යටින් රෙදි කෑල්ලක් දමන්නේය.ඒවාට ගමේ කියන්නේ චූ රෙදිය,නැත්නම් හුජ්ජ රෙදි ය.දැන් චූටි බබාටත් නැපියක් අන්දන්නේය.ඒ කියන්නේ ජොකා ගස්සන්නේ උපන් ගමන්ය.ගමනක් බිමනක් යන විට පැම්පර්ස් අන්දන්නේය.ඒ නිසා බබා චූ දැම්මත් ගූ දැම්මත් අම්මගේ ඇගේ ගෑවෙන්නේ නැත.ඉස්සර ඉලන්දරියෙකුගේ හො ලමිස්සියෙකුගේ යට ඇදුමක් දුටුවොත් වැඩිහිටියන්ට පමණයි චිත්‍ර පටියක් නැරබුවක් මෙන් ලිංගික හැගීම අවදි වන්නේය.දැන් එහෙම නැත.අදින්නෙම යට ඇදුම පේන්නය.යට ඇදුමේ බ්‍රෑන්ඩ් එක පේන්නටම අදින්නේය.දැන් ට්‍රෙන්ඩ් එක එහෙමය.ගෑනු ළමයෙකු නම් උඩට අදින්නේ ෂෝට් බ්ලව්ස් එකකි,යටට කකුලට හිර වෙන කලිසමක්ය.අච්චිලානම් කියන්නේ ත්‍රි ක්වාටර් ඇන්ද විට කංකු කොටුවට යනවා වගේ කියා ය.ගැමි ඉලන්දාරියා කියන්නේ ගංවතුර ගලලා වගේ කියාය.නාගරිකයාට එහෙම නැත.

දැන් කොන්ඩේ කපන්නට බාබර් ලා නැත ඉන්නේ හෙයාර් කටර් කෙනෙකි.ඉස්සර හිටියේ ටේලර් ය.ඇදුම මහන්න ගීය විට මිම්ම ගන්නේය.දහසක් ප්‍රශ්න අසා පුංචි පොතක ඔහු ලියාගන්නේය.ටේප් පටිය ගෙන අවශ්‍ය අනවශ්‍ය සීයලු තැන් මනින්නේය.දැන් ඇදුම වැඩි හරියක් රෙඩිමේඩ් ය.කලිසම කමිසය ලොකුද පොඩි ද මදිද කොටද දිගද යනාදී ප්‍රශ්න දැන් නැත.රෙඩිමේඩ් එහෙමය.කොළබ ජාතික පාසලේ කොල්ලෙකුට ජොකා පේන්න කලිසම ඇන්දාකියා ශිෂ්‍ය නායක කම නොදුන්නා විස්තරය මගේ මිත්‍රයෙකුට කීවෙමි.එය අසා සිටි මගේ මිත්‍රයාගේ කොලු පැටියා මරු කතාවක් කිවේය.

ඒ ටීචර්ට පිස්සු දැන් අදින්නේ එහෙම තමයි.ඒ ටීචර් දන්නවද දන්නේ නෑ සුපර් මෑන් අදින්නේ යටට කලිසම උඩට අන්ඩර් වෙයාර් එක.ඒකත් ස්ටයිල් එකක්...

විලාසිතා ලොව වෙනස් වීමට ධනේශ්වරයේ තුන්වන කාර්තුවේ වේගවත් ක්‍රියාවලියකි.ඉස්සර පච්ච කෙටුවාට දැන් කොටන්නේ ටැටූ ය.ඇතැම් කොල්ලන් කෙල්ලන්ගේ ටැටූ නොකෙටු තැනක් නොතැනක් නැත.ඉන්දික ගුනවර්දන ඒ ගැන මෙහෙම කවියක් ලියා ඇත.
පොත ගන්න
පහත් උණු
තත්පරේට
ඔයාගේ
ටයිට් ඩෙනිම අස්සේ හිටි
නිල්පාට සමනලයා
ඉගිලිලා ඇවිත්
මගේ
හිතේ වැහුවා
දැන් ඌ
එලවගන්න බෑ මට
රෑට

අපේ කාලයේ ඔය විච්චුරන තිබ්බේ නෑ.ඒකට දැන් කාලේ ළමයි යනුවෙන් දෙමාපියෝ සුසුම් හෙලුවාට කරන්න දෙයක් නැත.විලාසිතා පරිනාමනය අතින් අල්ලා නැවතිය නොහැක.ලෝකයේ විලාසිතා පරිනාමය වේගවත්ය,සංකීර්ණය.ඒ නිසා කෙල්ලෙක්ගෙ කකුලක්,පයෝදරයක්,බුරියක්,යට ඇදුමක් දුටු විට අළුත් පරම්පරාව කුලප්පු වන්නේ නැත.ගෝත්‍රික ගණින්නාන්සේලා,සීයලා ආච්චිලා කුලප්පු වන බව ඇත්තය.නිතිපතා ඇස්පිල්ලම් ගහන හැම ඇසිල්ලේම යට ඇදුම් පෙනෙන්නට අදින කෙල්ලන්ගේ පස්චාත් භාගවත් කලවත් දකින්නන්ට එකී ලෝකය සුලභය.ඒ ලෝකය නොදන්නා,හිටි ගමන් සයිබර් එකෙන් ඒ ලෝකය දකිනා ජාතික තරුණයෝ,නාකි උන්දැලා සහ උන්දලාගේ වර්ගයේ කට්ටිය රෙදි වැලක වවුලෙක්වහල හිටියත් කුලප්පු වන්නේය.ඒ ඔවුන් පරිනාමය වී නොමැති නිසාය.අනාගතයට පරිනාමය නොවන සචේතනික අචේතනික වස්තු සියල්ල ම විනාශ වන බවත් එය ප්‍රතිසංස්කරණය කල නොහැකි බවත් ලියාතබමි...! ! !


-රස්තියාදුකාරයාගේ සටහනක් 

1 comment:

  1. kalakanni blog walata comment wahi wahla ubawa kawruth dakla nadda?

    Madda

    ReplyDelete