Monday, September 8, 2014

ඇඩිෂම් බංගලාව (ශාන්ත බෙනඩික් තාපසාරාමය)



ගොඩ කලකින් කොහෙවත් නොගිය නිසා අපි දෙතුන් දෙනෙක් නුවරඑළියේ යන්න  සෙට් උනා.අපි හැමෝටම ඕන උනේ ඇඩිෂම් යන්න.මොකද අපි කව්රුවත් ඇඩිෂම්
 ගිහින් තිබුනේ නෑ,..ගූගල් එකේ සර්ච් කරලා ෆොටෝස් බලලා තද උණ හැදුණත් නුවරඑළියේ යන ගමන් ඇඩිෂම් බලන්න යන්න ලැබුනේ නැත්තේ එදා සිකුරාදා දවසක් උන නිසා..ඒකත් අපි දැනගත්තේ මේ බ්ලොග් කරන තව යාලුවෙක්ගෙ බ්ලොග් එකක දැකලා. ඇඩිෂම් බංගලාව බලන්න දෙන්නේ සති අන්තයේ (සෙනසුරාදා සහ ඉරිදා)පෝය දිනයන් වල සහ රජයේ නිවාඩු දවස් වල උදේ 9 .00 ඉදන් හවස 4 වෙනකල් මේ බංගලාව බලන්න දෙනවා.(මහ සිකුරාදා හා නත්තල් දින හැර)



කොහොම හරි නුවරඑළියේ ඉදලා එන ගමන් අපිට ඇඩිෂම් බලන්න යන්න පුළුවන් උනා.හපුතලේ ටවුන් එකේ ඉදන් ටික දුරක් ආවහම ඒ Awesome බංගලාව දැක බලා ගන්න පුළුවන්.ටික දුරයි කිව්වට පාරනම් එච්චරම හොද නෑ.ඔයාලත් හපුතලේ පැත්තෙන් යනවනම් ඇඩිෂම් බලන්න යන්න අමතක කරන්න එපා.මෙන්න විස්තරේ....


1931 වසරේ ඉංග්‍රීසි ජාතික වතු කළමනාකරුවෙකු වෙච්ච තෝමස් ලිස්ටර් විල්යස් ශ්‍රීමතාණන් විසින් සම්පුර්ණ කළු ගලින් හදපු මන්දිරය තමයි ඇඩිෂම් බංගලාව කියලා කියන්නේ.විශාල ගස්  වලින් ගහන වෙච්චර වනාන්තරයක් මැදින් ගමන් කරන මනාව සකසන ලද මල් වත්තෙන් ගමන් කරද්දී  මනස්කාන්ත කදු වලින් ආවරණය වුන තේජවන්ත බලකොටුව දිස්වේ.


බුරුම තේක්ක ලීයෙන් සෑදුන වහලයද,වහලය උඩ සාදා ඇති වා කවුළුද පුරාන ගෘහ භාණ්ඩ ද මාලිගය සාදා ඇති ගෘහ නිර්මාණ ශිල්පයද අපව මවිතයට පත්කරයි.
1961 දී මෙම මන්දිරය සිල්වෙස්ත්රෝ බෙනදිකාය නිකාය විසින් මිලට ගන්නා ලද්දේ පුජකවරයා පතා එන ආධුනිකයින් පුහුණු කරන ආධුනික තාපසආරමයක් වශයෙනි.ශුද්ධ වූ බෙනදික් තුමාගේ ආදර්ශ පාටය වන යාච්ඥව හා වැඩ කිරීමමෙහි සිටින අය විසින් අනුගමය කරනු ලබයි.


මෙම ස්ථානය හා පරිසරයද එහි සිටිනවුන්ගේ නඩත්තුවද ඔවුන් විසින්ම ඔවුන්ගේ නිෂ්පාදන තුලින් නෑ ගේට්ටුවෙන් ඇතුල් වල ඔබගේ පරිත්‍යාගයන් මාර්ගයෙන් සොයා ගත යුතුය.ඔබත් නගරයේ ශබ්දයන්ගෙන් හා ග්‍රීෂ්මයෙන් මිදී සිතල කදු කරයේ සුන්දරත්වය සොයා යන ගමනේදී නැරබිය යුතුම ස්ථානයක් තමයි ඇඩිෂම්
බංගලාව.



ඇඩිෂම් සොයා යන ඔබගේ පහසුව තකා
St.Benedicts Monastery,Adisham,Haputhale
Contact :057-2268030 / 077-4374050
Official Website: www.adisham.org      




No comments:

Post a Comment